මුල් ප්රභවය
ඇදුම රෝගයට නිශ්චිත හේතුවක් නොදනී. ඇදුම රෝගයෙන් පෙලෙන අයට ඉදිමුණ සහ සංවේදී පටු වාතය ගමන් කරණ මාර්ගයක් ඇති අතර එය ඇලෙන සුළු තරලයකින් අවහිර වී ඇත. ජාන, වායු දුෂණය සහ නවීන පිරිසිදු කිරීමේ පිළිවෙත් ඇදුම රෝගය ඇති කරවන බව කීවත් ඔප්පු කිරීමට සාක්ෂි නැත.
ඇදුම රෝගය ඇතිවීමේ වැඩි අවස්ථාවක් ඇති කළ හැකි දේවල් කිහිපයක් ඇත. ඒවාට ඇතුළත් වන්නේ:
සමහර අය ඔවුන්ගේ රැකියාවෙන් ඇදුම වර්ධනය වීමේ අවදානමක් ඇත.
ඇදුම රෝගලක්ෂණ නිතරම ඇති වනුයේ එය උත්සන්න කරණ හේතු වලට ප්‍රතිචාර දැක්වීමටය. වැඩි කරන පොදු හේතු:
ඔබගේ ඇදුම රෝගය වැඩි වැඩි කිරීමට බලපාන හේතු ඔබ දන්නේ නම් ඉන් වැළකී සිටීමට උත්සාහ කරන්න.
ඔබ වැඩ කරන සමහර අවස්ථා වලදී ඇදුම ඇතිකරන සමහර සංයෝග වලට ඔබට නිරාවරණය වීමට සිදුවේ මෙය වැඩ කිරීමේ හේතු මත ඇතිවන ඇදුම ලෙස හැදින්වේ. වැඩ කිරීම නිසා ඇතිවන ඇදුම රෝගයේ ප්‍රධානතම හේතු සමහරක් වනුයේ.
තීන්ත කරුවන්, බේකරිවරුන්, කෑම සදනනෝ, හෙදියන්, රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත වැඩකරුවන්, සතුන් සමග වැඩකරන්නන්, දැව සමග වැඩ කරන්නන්, කම්මල්කරුවන් සහ පේස්ට්‍රි සාදන්නන් ඇදුම ඇති කරවන සංයෝග වලට නිරාවරණය වීමේ අවධානමක් ඇති පුද්ගලයන්ට නිදසුන් වේ.